Thursday, May 9, 2019
Monday, April 15, 2019
Creamy Fruit Salad ක්‍රීම් ෆෘඩ් සැලඩ්
අවශ්‍ය ද්‍රව්‍ය
- කොළ ඇපල් ගෙඩියක්
- රතු ඇපල් ගෙඩියක්
- අන්නාසි ගෙඩියකින් කාලක්
- ගස්ලබු ගෙඩි කාලක්
- ඉදුණු ඇඹුල් කෙසෙල් ගෙඩියක්
- අඹ ගෙඩියක පාළුවක්
- කොළ මිදි ගෙඩි 6/7ක්
- දම් මිදි ගෙඩි 6/7ක්
- ඔලිව් ගෙඩි 6/7ක්
- දෙහි ගෙඩි දෙකක යුෂ
- යෝගට් කෝප්පයක්
- මී පැණි මේස හැඳි 1ක්
ක්‍රමය
සියලුම පලතුරු කුඩා කැබලි වලට කපන්න. නමුත් මිදි සහ ඔලිව් ගෙඩි කපන්න එපා. පලතුරු සහ දෙහි යුෂ සියල්ලම වීදුරු බඳුනකට දාලා මිශ්‍ර කරන්න.යෝගට් එක වෙනම අරගෙන ඒකට මී පැණි දාලා බීට් කරන්න. ඊට පස්සේ යෝගට් ටික පලතුරු වලට මිශ්‍ර කරලා ආහාරයට ගන්න.
කප් කේක්
අවශ්‍ය ද්‍රව්‍ය :-
- බටර් 250g
- සීනි 250g
- වැනිලා තේ හැදි 1/2
- දියර කිරි මේස හැදි 1+ දොඩම් ඉස්ම මේස හැදි 1 එකට දාලා තියන්න
- බිත්තර 4
- තරාදියට බේකින් පවුඩර් තේ හැදි 2යි කෝර්න්ෆලවර් මේස හැදි 2යි දාලා 250g වෙනකම් පිටි දාන්න…(තුන් පාරක් හලන්න)
සාදාගන්න ආකාරය :-
- මුලින්ම අවන් එක 180C උෂ්ණත්වයට රත් වෙන්න දාන්න.
- සීනි හා බටර් එකට බීටර් කරන්න.
- බිත්තර එකින් එක දාන්න.
- පිටි ටික ටික දාන්න. ලී හැන්දෙන් කලවම් කරන්න ෆෝල්ඩර් ( පෙරලන ) ආකාරයට.
- පිටි ටික දාන අතරතුර වැනිලා හා කිරි එක් කරන්න.
-
180C උෂ්ණත්වයෙන් විනාඩි10ක් බේක් කරන්න
Saturday, April 13, 2019
මාළු අඹුල්තියල් The fish are sour
අවශ්‍ය ද්‍රව්‍ය
- අලුත් බල හෝ කෙලවල්ලා මාළු කිලෝ 1 යි ( පරණ මාළු වලින් නියම රස ගන්න බැහැ)
- ගොරකා ග්‍රෑම් 100 යි
- තරමක් ලොකු කුරුඳු පොතු කැබැල්ලක්
- ගම්මිරිස් මිටක්
- කරපිංචා ඉති 3ක්
- හට්ටිය අඩියේ ඇතිරීමට කුරුඳු කොළ හෝ නැත්නම් කරපිංචා කොළ ඇති තරම්
- ලුණු
සාදාගන්නා ක්‍රමය
මාළු හොඳින් සෝදලා මැටි භාජනෙකට දමන්න.
ගොරකා , කුරුඳු පොතු කැබැල්ල , ගම්මිරිස්, කරපිංචා, ලුණු බ්ලෙන්ඩර් එකට දමා
හොඳින් ක්‍රීම් එකක් වගේ වෙන්න බ්ලෙන්ඩ් කර ගන්න.
ගොරකා ක්‍රීම් එක මාළු කැබලිවල හොඳින් දවටමින් අත ගාන්න. මාළු නොතැලෙන්න සීරුවට කර ගන්න ඕනේ. පැයක් පමණ මැටි අඩි වළඳකින් වසා තබන්න.
ඉන් පසු කුරුඳු කොළ හෝ කරපිංචා කොළ උයන
වළදේ අඩියේ අතුරන්න. ඒ මතින් මාළු කැබලි එකින් එක අරගෙන තියන්න. තබා මාළු
දමා වසා තිබුන භාජනයට වතුර පීරිසි කෝප්ප භාගයක් වගේ වක් කරලා ඒ වළඳ සෝදලා
එන වතුරත් මාළු භාජනේට දමන්න.
දැන් ලිප ඉතාම අඩු කර හෙමින් තැම්බෙන්න ඉඩ
දෙන්න. මාළු හැඳි ගාන්න යන්න එපා. කල්පනාවෙන් ඉන්න. කර ගඳක් වගේ ලාවට
එද්දී ලිපෙන් බා ගන්න.
මේ තමයි නියම රසට ඇඹුල් තියල් පහසුවෙන් හදන ක්‍රමය.
තක්කාලි සෝස් ගෙදරදීම (Let's make tomato sauce home)
අවශ්‍ය ද්‍රව්‍ය
1 kg of ripe tomatoes
1 teaspoon of white onions
Half a cup of tomato paste
2 tablespoons chilibrush
4 cups of vinegar
250 g of sugar
1/2 teaspoons of salt powder
1 tablespoon of ginger juice
Teaspoons of cinnamon powder
- ඉදුණු තක්කාලි කිලෝ 1ක්
- සුදු ළුණු යුෂ තේ හැඳි 1ක්
- තක්කාලි පේස්ට් කෝප්ප භාගයක්
- මිරිස් කුදු මේස හැඳි 2ක්
- විනාකිරි කෝප්ප 4ක්
- සීනි ග්‍රෑම් 250ක්
- ලුණු කුඩු තේ හැඳි 1 1/2ක්
- ඉඟුරු යුෂ මේස හැඳි 1ක්
- කුරුඳු කුඩු තේ හැඳි භාගයක්
තක්කාලි
උතුරන වතුරට දමා ස්වල්ප වෙලාවකින් පිටතට ගෙබ පොතු ගලවා ගන්න. ඉන්පසුව
හොඳින් පොඩි කර ගන්න. තක්කාලි ඉස්ම පෙරේනයකින් පෙරාගෙන ඇට ඉවත් කර ගන්න.
මැටි බඳුනකට තක්කාලි යුෂ සහ ඉතිරි අමුද්‍රව්‍ය සියල්ල දමා උකු වන තුරු පිස
ගන්න. නිවුණු පසු බෝතලයකට දමා අසුරා ගන්න (ඊට පෙර වීදුරු බෝතලය ජීවානුහරණය
කල යුතුය).
Materials required1 kg of ripe tomatoes
1 teaspoon of white onions
Half a cup of tomato paste
2 tablespoons chilibrush
4 cups of vinegar
250 g of sugar
1/2 teaspoons of salt powder
1 tablespoon of ginger juice
Teaspoons of cinnamon powder
Method
Sprinkle tomatoes with boiling water and pluck them out of boiling water a little bit. Then crush it well. Cover the tomato purest with a bowl and remove the peas. Wipe the tomato juice and the remaining ingredients with a jar bowl until wet. Pack up a bottle (before the glass bottle is sterilized).
Sprinkle tomatoes with boiling water and pluck them out of boiling water a little bit. Then crush it well. Cover the tomato purest with a bowl and remove the peas. Wipe the tomato juice and the remaining ingredients with a jar bowl until wet. Pack up a bottle (before the glass bottle is sterilized).
වම්බටු මෝජු
අවශ්‍ය ද්‍රව්‍ය :-
- වම්බටු ග්‍රෑම් 500
- පොල් තෙල්
- ලුණු කුඩු
- කහ කුඩු
- ලොකු ළූණු ග්‍රෑම් 250
- සුදු ළූණු බික් කීපයක්
- ඉඟුරු කැබැල්ලක්
- මිරිස් කුඩු මේස හැන්දක්
- සීනි තේ හැන්දක්
- කුරුඳු කැබැල්ලක්
- විනාකිරි
- පොල් කිරි ස්වල්පයක්
සාදන ක්‍රමය
වම්බටු ගෙඩි සියල්ලම සෝදා දික් අතට කපා ගන්න. ඉන්පසු කහ සහ ලුණු කුඩු එකට මිශ්‍ර කර බටු සමග හොඳින් අතගා ගන්න. තෙල් තාච්චියකට දමා තෙල් රත් වන විට ගැඹුරු තෙලේ බටු කැබලි බැද ගන්න. ඉන් පසු රවුම් ලෙස කපන ලද ලොකු ළූණු ද එම තෙල් භාජනයට දමා ලාවට බැද ගන්න.භාජනයක් ලිප තබා එයට විනාකිරි, මිරිස්කුඩු, අඹරන ලද සුදු ළූණු සහ ඉඟුරු මිශ්‍රණය එකතු කරන්න. එයටම කුරුඳු පොතු කැබැල්ල සහ සීනි හැන්දක් දමා හැඳි ගාමින් රත් කරන්න. හොඳින් රත් වුන පසු බදින ලද බටු සහ ළූණු එකතු කර හොඳින් පිස ගන්න. අවශ්‍ය නම් පොල් කිරි ස්වල්පයක් එකතු කරන්න.දැන් කෙලින්ම මේසෙට පිළිගන්වන්න.
බම්බි කැවුම්
අවශ්‍ය ද්‍රව්‍ය
- කැකුළු හාල් පිටි ග්‍රෑම් 250
- මුං ඇට ග්‍රෑම් 125
- පොල්තෙල් බෝතල් 1
- පොල්ගෙඩි එකක පැණි පොල්
- පොල් කිරි කෝප්ප 2
- කහකුදු තේ හැඳි 1/2
- ලුණු කුඩු තේ හැඳි 1
සාදන ක්‍රමය
- මුං ඇට කබලෙන් බැද වංගෙඩියේ දමා තරමක් කොටා කැබලි කඩාගත යුතුයි. හාල් කොටා හළා පැත්තකින් තබන්න.
- පිටිවලින් අඩක් කබලේ බැදගන්න.
- බදින ලද හාල් පිටි ද පැණි පොල් ද ලුණු ස්වල්පයක් ද කුඩු කළ මුං ඇට ද එකට දමා හොඳ හැටි අනාගන්න. එය ලොකු දොඹ ගෙඩි පමණට ගුලි කරගන්න.
- පොල් මිරිකා කිරි කෝප්ප 2ක් පමණ ගන්න.
- ඉතිරි කර තැබූ අනෙක් පිටි ප්‍රමාණය ගෙන, භාජනයකට දමා පොල් කිරි ස්වල්පය බැගින් දමා අත්ගසා ගෙන කහ සහ ලුණු එකතු කරන්න.
- තෙල් තාච්චිය ලිප තබා තෙල් නටන විට ඉන් ගුළිය බැගින් ගෙන සුදු පිටියෙහි ඔබා තෙලට දමා රන්වන් පැහැය වනතුරු බැදගන්න.
මුං කැවුම්
අවශ්‍ය ද්‍රව්‍ය
- මුං ඇට ග්‍රෑම් 500
- කැකුළු හාල් කිලෝ 2
- පොල් ගෙඩි 2
- පොල් පැණි බෝතල් 1
- පොල්තෙල් බෝතල් 2
- කහ කුඩු තේ හැඳි 1/2
- ලුණු කුඩු තේ හැඳි 1
සාදන ක්‍රමය
- මුං ඇට කබලේ බැද, කොටා පිටි සාදා ගන්න. හාල් කොටා පිටි හළා පසෙකින් තබන්න.
- පැණි තාච්චියට දමා ලිප තබා ඉටි වේගෙන එන විට ලිපෙන් ඉවතට ගෙන මුං පිටි සියල්ලම දමා හැඳි ගාන්න.
- අවශ්‍ය පමණකට හාල් පිටි එක්කර ගෙන ලිප තබා මඳ ගින්නේ තම්බාගන්න. (අතේ නාල්ලන තරමට පිටි තම්බා ගත යුතුයි.)
- බන්දේසි ලෑල්ලකට දින ලද පිටි ඉස තැම්බූ මුං පිටි දමා ගසා බන්දේසි ලෑල්ල උඩ තබා බෝතලයකින් හෝ රෝලරයකින් තුනී කොට තමාට අවශ්‍ය හැඩයකට කෑලි කපා ගන්න
- පොල් මිරිකා කිරි කෝප්ප තුනක් පමණ ගන්න.
- හාල් පිටි කෝප්ප එකක් කබලේ බැද ගන්න. ඉතිරි පිටි බඳුනකට දමා කිරි ස්වල්පය බැගින් එක්කරමින් අත් ගසාගෙන කහ ස්වල්පයක් හා ලුණු ස්වල්පයක් එකතු කරන්න. මේ පිටි මිශ්‍රණය සුදු ආප්ප පිටිවලට වඩා උකු පදමට සාදා ගත යුතුයි.
- ඉන්පසු පැතලි තාච්චියකට තෙල් බෝතල් බාගයක් පමණ දමා ලිප තබා තෙල් නටන විට සුදු පිටි කෝප්පයකට ගෙන, මුං පිටි කැබලිවල දෙපැත්තේ ම සුදු පිටි තවර තවරා තාච්චියේ දමා බැදගන්න.
පොල් පැණි කොණ්ඩ කැවුම්
අවශ්‍ය ද්‍රව්‍ය
- සුදු කැකුළු හාල් පිටි කිලෝ 1
- පොල්තෙල් බෝතල 1
- පොල් පැණි කෝප්ප 3
- සීනි මේස හැඳි 2
- පාන්පිටි මේස හැඳි 1
- ලුණු කුඩු තේ හැඳි 1
සාදන ක්‍රමය
- හාල් පිටි භාජනයකට දමා පැණි හා සීනි දමා ලුණු ස්වල්පයක් ද යොදා අතින් අනාගන්න.
- හොඳින් ඇනුණු පසු උණුවතුර ස්වල්පයක් පාන්පිටි ද දමා හඬකින් හැඳිගාමින්පිටි පදමට සකස් කරගන්න.
- තාච්චිය ලිප තබා තෙල් නටන විට මේස හැන්දකින් එකක් පමණ පිටි තාච්චියට සීරුවේ වත්කරන්න.
- ඉන්පසු ඉරටුවකින් හෝ කූරටියකින් හෝ කැවුමේ කොණ්ඩය මුදුන් කරන්න. එක් අතකින් තෙල් හැන්දෙන් කැවුම් මතුයෙහි තෙල් ඉසිමින් අනෙක් අතින් ගත කූරටිය හෝ ඉරටුව කැවුම මැද තබා කරකවන්න.
- පුරුදු වූ පසු හොඳින් කොණ්ඩ කැවුම් පිසගත හැකිය. පොල් පැණි වෙනුවට කිතුල් පැණි හෝ උණු කොට ගත සීනි හෝ යොදා ගත හැකිය.
Subscribe to:
Posts (Atom)
-
Materials required *Big potatoes 1 *Butter *Salt *Pepper powder *The mozzarella cheese *Bread powder How to make Potat...
-
Materials required *2 slices of white fish (pearls, beads, etc.) *A piece of peeled ginger *Two bikers of garlic *4 tablespoons of...






