Showing posts with label ඇඹුල් තියල් (Sour thistle). Show all posts
Showing posts with label ඇඹුල් තියල් (Sour thistle). Show all posts

Saturday, April 13, 2019

මාළු අඹුල්තියල් The fish are sour

අවශ්‍ය ද්‍රව්‍ය

  • අලුත් බල හෝ කෙලවල්ලා මාළු කිලෝ 1 යි ( පරණ මාළු වලින් නියම රස ගන්න බැහැ)
  • ගොරකා ග්රෑම් 100 යි
  • තරමක් ලොකු කුරුඳු පොතු කැබැල්ලක්
  • ගම්මිරිස් මිටක්
  • කරපිංචා ඉති 3ක්
  • හට්ටිය අඩියේ ඇතිරීමට කුරුඳු කොළ හෝ නැත්නම් කරපිංචා කොළ ඇති තරම්
  • ලුණු

සාදාගන්නා ක්‍රමය

 මාළු හොඳින් සෝදලා මැටි භාජනෙකට දමන්න. ගොරකා , කුරුඳු පොතු කැබැල්ල , ගම්මිරිස්, කරපිංචා, ලුණු බ්ලෙන්ඩර් එකට දමා හොඳින් ක්‍රීම් එකක් වගේ වෙන්න බ්ලෙන්ඩ් කර ගන්න.
ගොරකා ක්‍රීම් එක මාළු කැබලිවල හොඳින් දවටමින් අත ගාන්න. මාළු නොතැලෙන්න සීරුවට කර ගන්න ඕනේ. පැයක් පමණ මැටි අඩි වළඳකින් වසා තබන්න.
ඉන් පසු කුරුඳු කොළ හෝ කරපිංචා කොළ උයන වළදේ අඩියේ අතුරන්න. ඒ මතින් මාළු කැබලි එකින් එක අරගෙන තියන්න. තබා මාළු දමා වසා තිබුන භාජනයට වතුර පීරිසි කෝප්ප භාගයක් වගේ වක් කරලා ඒ වළඳ සෝදලා එන වතුරත් මාළු භාජනේට දමන්න.
දැන් ලිප ඉතාම අඩු කර හෙමින් තැම්බෙන්න ඉඩ දෙන්න. මාළු හැඳි ගාන්න යන්න එපා. කල්පනාවෙන් ඉන්න. කර ගඳක් වගේ ලාවට එද්දී ලිපෙන් බා ගන්න.
මේ තමයි නියම රසට ඇඹුල් තියල් පහසුවෙන් හදන ක්‍රමය.