Showing posts with label ice cream. Show all posts
Showing posts with label ice cream. Show all posts

Monday, April 15, 2019

Creamy Fruit Salad ක්‍රීම් ෆෘඩ් සැලඩ්

අවශ්‍ය ද්‍රව්‍ය

  • කොළ ඇපල් ගෙඩියක්
  • රතු ඇපල් ගෙඩියක්
  • අන්නාසි ගෙඩියකින් කාලක්
  • ගස්ලබු ගෙඩි කාලක්
  • ඉදුණු ඇඹුල් කෙසෙල් ගෙඩියක්
  • අඹ ගෙඩියක පාළුවක්
  • කොළ මිදි ගෙඩි 6/7ක්
  • දම් මිදි ගෙඩි 6/7ක්
  • ඔලිව් ගෙඩි 6/7ක්
  • දෙහි ගෙඩි දෙකක යුෂ
  • යෝගට් කෝප්පයක්
  • මී පැණි මේස හැඳි 1ක්

ක්‍රමය

සියලුම පලතුරු කුඩා කැබලි වලට කපන්න. නමුත් මිදි සහ ඔලිව් ගෙඩි කපන්න එපා. පලතුරු සහ දෙහි යුෂ සියල්ලම වීදුරු බඳුනකට දාලා මිශ්‍ර කරන්න.
යෝගට් එක වෙනම අරගෙන ඒකට මී පැණි දාලා බීට් කරන්න. ඊට පස්සේ යෝගට් ටික පලතුරු වලට මිශ්‍ර කරලා ආහාරයට ගන්න.