Saturday, April 13, 2019

පොල් පැණි කොණ්ඩ කැවුම්

         අවශ්‍ය ද්‍රව්‍ය

  • සුදු කැකුළු හාල් පිටි කිලෝ 1
  • පොල්තෙල් බෝතල 1
  • පොල් පැණි කෝප්ප 3
  • සීනි මේස හැඳි 2
  • පාන්පිටි මේස හැඳි 1
  • ලුණු කුඩු තේ හැඳි 1 

    සාදන ක්‍රමය

  • හාල් පිටි භාජනයකට දමා පැණි හා සීනි දමා ලුණු ස්වල්පයක් ද යොදා අතින් අනාගන්න.
  • හොඳින් ඇනුණු පසු උණුවතුර ස්වල්පයක් පාන්පිටි ද දමා හඬකින් හැඳිගාමින්පිටි පදමට සකස් කරගන්න.
  • තාච්චිය ලිප තබා තෙල් නටන විට මේස හැන්දකින් එකක් පමණ පිටි තාච්චියට සීරුවේ වත්කරන්න.
  • ඉන්පසු ඉරටුවකින් හෝ කූරටියකින් හෝ කැවුමේ කොණ්ඩය මුදුන් කරන්න. එක් අතකින් තෙල් හැන්දෙන් කැවුම් මතුයෙහි තෙල් ඉසිමින් අනෙක් අතින් ගත කූරටිය හෝ ඉරටුව කැවුම මැද තබා කරකවන්න.
  • පුරුදු වූ පසු හොඳින් කොණ්ඩ කැවුම් පිසගත හැකිය. පොල් පැණි වෙනුවට කිතුල් පැණි හෝ උණු කොට ගත සීනි හෝ යොදා ගත හැකිය. 

No comments:

Post a Comment