Monday, April 15, 2019

කප් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය :-

  • බටර් 250g
  • සීනි 250g
  • වැනිලා තේ හැදි 1/2
  • දියර කිරි මේස හැදි 1+ දොඩම් ඉස්ම මේස හැදි 1 එකට දාලා තියන්න
  • බිත්තර 4
  • තරාදියට බේකින් පවුඩර් තේ හැදි 2යි කෝර්න්ෆලවර් මේස හැදි 2යි දාලා 250g වෙනකම් පිටි දාන්න…(තුන් පාරක් හලන්න)

සාදාගන්න ආකාරය :-

  • මුලින්ම අවන් එක 180C උෂ්ණත්වයට රත් වෙන්න දාන්න.
  • සීනි හා බටර් එකට බීටර් කරන්න.
  • බිත්තර එකින් එක දාන්න.
  • පිටි ටික ටික දාන්න. ලී හැන්දෙන් කලවම් කරන්න ෆෝල්ඩර් ( පෙරලන ) ආකාරයට.
  • පිටි ටික දාන අතරතුර වැනිලා හා කිරි එක් කරන්න.
  • 180C උෂ්ණත්වයෙන්  විනාඩි
    10ක් බේක් කරන්න

No comments:

Post a Comment