Saturday, April 13, 2019

වම්බටු මෝජු

          අවශ්‍ය ද්‍රව්‍ය :-

  • වම්බටු ග්‍රෑම් 500
  • පොල් තෙල්
  • ලුණු කුඩු
  • කහ කුඩු
  • ලොකු ළූණු ග්‍රෑම් 250
  • සුදු ළූණු බික් කීපයක්
  • ඉඟුරු කැබැල්ලක්
  • මිරිස් කුඩු මේස හැන්දක්
  • සීනි තේ හැන්දක්
  • කුරුඳු කැබැල්ලක්
  • විනාකිරි
  • පොල් කිරි ස්වල්පයක්

    සාදන ක්‍රමය

    වම්බටු ගෙඩි සියල්ලම සෝදා දික් අතට කපා ගන්න. ඉන්පසු කහ සහ ලුණු කුඩු එකට මිශ්‍ර කර බටු සමග හොඳින් අතගා ගන්න. තෙල් තාච්චියකට දමා තෙල් රත් වන විට ගැඹුරු තෙලේ බටු කැබලි බැද ගන්න. ඉන් පසු රවුම් ලෙස කපන ලද ලොකු ළූණු ද එම තෙල් භාජනයට දමා ලාවට බැද ගන්න.
    භාජනයක් ලිප තබා එයට විනාකිරි, මිරිස්කුඩු, අඹරන ලද සුදු ළූණු සහ ඉඟුරු මිශ්‍රණය එකතු කරන්න. එයටම කුරුඳු පොතු කැබැල්ල සහ සීනි හැන්දක් දමා හැඳි ගාමින් රත් කරන්න. හොඳින් රත් වුන පසු බදින ලද බටු සහ ළූණු එකතු කර හොඳින් පිස ගන්න. අවශ්‍ය නම් පොල් කිරි ස්වල්පයක් එකතු කරන්න.
    දැන් කෙලින්ම මේසෙට පිළිගන්වන්න.

No comments:

Post a Comment